Latestදේශීය

ආචාර්ය සබේසන්ගෙන් අසමසම නව නිපැයුමක්

ආචාර්ය සබේසන් සිදම්බරනාදන් විසින් නිපදවන ලද යම් ස්ථානයක තිබියදී එම තියන තැන වෙනස් කළ ඕනෑම උපකරණයක් දැනට අස්ථානගත වී ඇති තැන සොයා ගැනීමට හැකි උපකරණය සඳහා නව නිපැයුම් සම්බන්ධ ලන්ඩනයේ ඉහළම සම්මානය පිරිනැමීමට තෝරා ගෙන තිබේ.

යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලද ආචාර්ය සබේසන් සිදම්බරනාදන් යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ ආචාර්යවරයෙකු වන අතර දැනට ලන්ඩනයේ රෝහලක සේවය කරන අතර මුලින්ම ඔහු මෙම උපකරණය නිපදවා ඇත්තේ රෝහලේ ඇති උපකරණ සොයා ගැනීමේ පහසුව උදෙසාය.

පසුව එම උපකරණය වැඩි දියුණු කොට ලන්ඩනයේ නව නිපැයුම් තරඟයකට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට ලන්ඩනයේ ඉහළම සම්මානය පිරිනැමීම සඳහා තෝරා ගෙන ඇත.

ආචාර්ය සබේසන් සිදම්බරනාදන් මහතා පවසන්නේ මෙම උපකරණයේ පේටන්ට් බලපත්‍රය තමන්ට හිමි වූ විගස මුළු ලෝකයේම රෝහල්වලට මෙම උපකරණය බෙදා හැරීමට පියවර ගන්නා බවය.

මෙම උපකරණය මගින් නැති වූ උපකරණ හා භාණ්ඩ සොයා ගැනීමට විශාල පිටිවහලක් ලබා ගත හැකි බවත් ඒ සඳහා අදාළ උපකරණය හෝ භාණ්ඩය පිළිබඳව තොරතුරු අදාළ උපකරණය හෝ භාණ්ඩ අස්ථානගත වීමට පෙර මෙම නව උපකරණයේ දත්ත පද්ධතියට ඇතුළත් කොට තිබීම අනිවාර්ය බවත් ආචාර්ය සබේසන් සිදම්බරනාදන් කියා සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?