Latestදේශීය

ගංවතුරෙන් යටවී මඩකලපුව ගමක් තනිවේ

(නිමල් ජයරත්න)

මාදුරුඔය, කුඩාඔය සහ පූනානි විල්ලූව පිටා‍ර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි එකම සිංහල හා තවත් ගම්මාන කීපයක් දින හතරක් තිස්සේ ජලයෙන් යටවීම නිසා තමන් දින හතරක කාලයක සිට ආහාර සපයා ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇති බව පුනානි ගම්වාසීහු සඳහන් කරති.

ගම්මානයේ පවුල් එකසිය දහයක, සාමාජිකයන් දෙසීය අසූපහක් පමණ ජීවත් වන අතර ගම්මානයේ නිවාස යටවීම නිසා සාමාජිකයන්ගෙන් පිරිසක් පූනානි පංච මහා විහාරයෙත්,ප්‍රජා ශාලාවේත්, පෙර පාසලෙත් දැඩි දුෂ්කරතා හමුවේ සිටින බවත් පවුල් කීපයක් ආහාර හිඟයකින් පෙලෙන බවද එම ගම්මානයේ ඇන්ටන් සුරේස් ද සිල්වා මහතා සඳහන් කළේය.

දින හතරක කාලයක් තිස්සේ තම ගම්මානයේ කුඩා දරුවන්ට, ළමුන්ට, මෙන්ම තමන්ට කිසිදු ස්ථානයකින් පිසූ ආහාර තියා කිසිදු වියලි සලාකයක් ලබා නොදුන් බවද ගං උතුරට හසුව සිටින පූනානි ගම්වාසීහු සඳහන් කරති.

මාදුරුඔය කුඩාඔය සහ පූනානි විල්ලූව පිටාර ගම්මානයේ නිවාස අඩි දෙකක් පමණ ජලයෙන් යටවීමත් සමග උස් බිමක පිහිටි පංච මහා විහාරයෙත්, පෙර පාසලේ සහ ප්‍රජා ශාලාවෙත් තවත් කිහිපදෙනකු උස් ප්‍රදේශවල පිහිටා ඇති නිවාසවලින් ආහාර නොමැතිව කාලය ගත කරන බවද සුරේස් සිල්වා මහතා පැවසීය.

වාලච්චෙන පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු වාලච්චේන පොලිස් නිලධාරින් පිරිසක් ඊයේ (11) දහවල් ඔවුන්ට අවශ්‍යා වියළි ආහාර ලබාදීමට කටයුතු කර තිබේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?