Latestදේශීය

අවලෝකිතේශ්වර නමැති පුද්ගලයා මානසික සායනයට

අවලෝකිතේශ්වර නමින් පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළැයි චෝදනා එල්ල වී ඇති මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළැඹෙන අඟහරුවාදා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු ඒ අනුව බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුව වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

අවලෝකිතේශ්වර නමින් පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළැයි චෝදනා ලත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගියදා නියෝග කළේය.

ඒ සිද්ධියේ නීති කෘත්‍යය පසුගිය 16 වැනි දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු මේ වනවිට බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුවේ රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එළැඹෙන අඟහරුවාදා බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේදීම සැකකරු මානසික සෞඛ්‍ය විද්‍යායනයේ වෛද්‍යවරු හමුවට යොමු කිරීමට නියමිත බවයි. 

මේ අතර, මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණිලි කිරීම නිසා තමන් අද වන විට තර්ජනවලට ලක් ව ඇතැයි පවසමින් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) පැමිණිලිල්ලක් ඉදිරිපත් කළහ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?