Latestදේශීය

තවත් අභිරහස් මළසිරුරු දෙකක්

අභිරහස් ලෙස මියගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් අතහැර දමා තිබූ කොහු මෝලක් ආසන්නයේ තිබී හමු ව ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

ඊයේ (19) පෙරවරුවේ පොලීසියට ලද තොරතුරක් මත සිරුර සොයා ගෙන ඇත.

මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, දින දෙකකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර වැඩිදුර විමර්ශන කටයුතු මාදම්පේ පොලීසිය විසින් සිදු කරයි.

මේ අතර, මුලතිව් වෙරළට ඉන්දීය ධීවරයෙකුගේ බවට සැක කරන මළ සිරුරක් ගොඩගසා තිබේ.

මුලතිව් පොලීසිය පැවසුවේ ඊයේ (19) උදැසන මෙම සිරුර වෙරළට ගොඩ ගසා ඇති බවයි.

එම මළසිරුර හඳුනාගැනීමට නොහැකි වන ලෙසට නරක් වි ඇති බවත් මළසිරුර සමග ඉන්දියාවේ නිෂ්පාදිත බවට සැක කෙරෙන උපකරණ කිහිපයක් ද තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

ධීවර යාත්‍රාවක් කිසියම් අනතුරකට ලක්වීමත් සමඟ මියගිය ධීවරයෙකුගේ මළසිරුර එලෙස ගොඩගසන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?