Latestදේශීය

රටළූනු නෙමෙයි රතුළූනුයි ගුණ – මහින්ද අමරවීර

මෙරට ඉතා හොඳින් සිදු කෙරුණු රතුළුෑනු වගාව මෙම වසර තුළ නැවත නඟා සිටුවීම සඳහා ව්‍යාපෘතියක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දීතිබේ.

පසුගිය වර්ෂවල ලොකුළුෑනු වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නත් එම වගාවේ අසාර්ථකවීම් හේතුවෙන් මෙරට රතුලූනු වගාවට ද බලපෑමක් එල්ල විය.

විශේෂයෙන් පසුගිය වසරේ අවසාන කාර්තුවේ දී ආනයනික ලොකු ළූනු සඳහා එල්ල වූ මිල ඉහළයාමේ බලපෑම හේතුවෙන් ලොකුළූනුමිල කිලෝග්‍රෑම් එකක් රුපියල් 600 ඉක්මවා ගියේය.
2023/24 මහ කන්නයේ දී හෙක්ටයාර් 3126ක රතුළුෑනු වගා කර තිබුන ද පසුගිය කාලය තුළ පැවැති අධික වර්ෂාව නිසා රතුළුෑනු වගාවට හානි සිදුවී තිබේ. එමනිසා මෙම යල කන්නයේ දී රතුළුෑනු වගාව අරඹන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය. මෙවර යල කන්නයේ දී වගා කිරීමට සැළසුම් කර ඇති රතුළුෑනු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 3543කි.

විශේෂයෙන් අපේ රටේ සෑම ප්‍රදේශයකම රතුළුෑනු වගාව සාර්ථකව සිදු කළ හැකිය. එමෙන්ම පසුගිය කාලවල රතුළුෑනු වගාව ඉතාමත් හොඳින් සිදු කළ හම්බන්තොට ඇතිළිවැව, මොණරාගල තෙළුල්ල, කුරුණෑගල මොරගොල්ලාගම හා නියඳගම වැනි ප්‍රදේශවලට නැවතත් ප්‍රමුඛත්වය දී වගා කටයුතු ආරම්භ කිරීමට තීරණය විය.

මීට අමතරව දඹුල්ල, යාපනය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල ද රතුලූනු වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට තීරණය කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

ලොකුලූනු වගාව මෙරට ආරම්භ කිරීමට පෙර අපේ රටේ රතුළුෑනු වගාව ඉතා හොඳින් සිදු කෙරුණා. අපේ රටේ වැඩි පිරිසක් පරිභෝජනය කළේ ඖෂධීය ගුණයෙන් ඉහළ රතුළුෑනු මිස ලොකු ලූනු නොවෙයි. නමුත් ආහාර සකස් කිරීමේ දී ලූනු කපා ගැනීමේ දී පහසුව පමණක් නිසා ලොකු ලූනු භාවිතය ඉහළ ගියා. මේ නිසාම ඖෂධීය ගුණයෙන් ඉහළ රතුළුෑනු වගාව පහළ ගියා.

නමුත් පසුගිය වසරේ ලොකු ළූනු හිඟයක් ඇති වූ අවස්ථාවේ ඊට විකල්ප ලෙස යොදා ගත හැකි රතුලූනු තොග අප සතුව තිබුනේ නැහැ. ඒ රතුළුෑනු වගාව සීමාසහිත වීම නිසායි. එම නිසා මෙම වර්ෂයේ දී අපි රතුළුෑනු වගාවට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ වුනත් අපි ලොකු ලූනු වගාව අධෛර්යමත් කරන්නේ නැහැ. කැමැති කෙනෙකුට ලොකු ලූණු වගා කළ හැකියි. නමුත් අපි වඩාත් ප්‍රචලිත කිරීමට ප්‍රමුඛත්වය රතුළුෑනුවලට ලබා දෙනවා

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?