Latestවිදේශීය

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයි

පාකිස්තානයේ මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපයක් ගෙන ඇති බැවින්, ප්‍රතිඵල නිකුත් කිරීමට දින කීපයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසා තිබේ.

2022 වසරේ, දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙපරා දැමූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂය ද දැඩි මර්දනයට ලක් වී ඇති බැවින්, මෙවර මහ මැතිවරණයේ දී කැපී පෙනෙන ප්‍රධාන පක්ෂ බවට පත් වූයේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි.

පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන්නේ, යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂා කරන, හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි නවාස් ෂරීෆ්ය. 2008 වසරෙන් පසු ජනවරමක් හිමිකර ගැනීමට අපොහොසත් වූ පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවල් බූතෝය.

දේශපාලන පරිනතභාවයක් නොමැති බැවින්, නවාස් ෂරිෆ්ට අභියෝග කිරීමට බිලාවල් බූතෝ ට නොහැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසය. පාකිස්තාන හමුදාව එරට දේශපාලනය හා බැඳී පවතින අතර, හමුදාවේ වැඩි මනාපය හිමිවී ඇත්තේ ද නවාස් ෂරීෆ්ට බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?