Latestදේශීය

බැසිල්ගේ ජගත් රනිල්ගේ ජගත් කුමාර සුමිත්‍රාආරච්චි වෙයි

බැසිල් රාජපක්ෂගේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය මෙහෙයවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමු පැවැත්වීමට අවස්ථාව සලසා දී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ.

ඊයේ (16) එවැනි ප්‍රකාශයක් සිදු කරමින් “අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා“ යනුවෙන් ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එම ප්‍රකාශය ඇතුලත් ලිඛිත ප්‍රවෘත්තිය බෙදා හැර තිබේ. එහි එක් සුවිශේෂී වටිනාකමක් ජගත් කුමාරට එකතු කර තිබෙන්නේ “ජගත් කුමාර සුමිත්‍රාආරච්චි“ යනුවෙන් මෙතෙක් පළ නොකරන ලද සම්පූර්ණ නම යොදා ගැනීමෙනි.

එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කර තිබෙන්නේ “ආර්ථික දුෂ්කරතා පැවතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් ලබා දීමට රජය කටයුතු කර ඇති පසුබිමක සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන“ ආදී වශයෙන් නිර්වචන සපයා වෘත්තීය ක්‍රියාමාර්ග හෙළා දකින බව ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?