Latestදේශීය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය,

රාජ්‍ය බැංකු දෙකක් විසින් එක් එක් පුද්ගලයන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 602ක් පමණ වනවා. එයින් අති බහුතරයක් ගෙවාගැනීමට නොහැකිව බොල් ණය ලෙස කපා හැරීමට සිදුව තිබෙනවා. මෙම ණය ප්‍රමාණය අප රටේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙදවීමට හැකිවූවා නම් එම ක්ෂේත්‍රවල විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිව තිබුණා. රටේ මූල්‍ය පාලනයක් නොතිබූ නිසා එවැනි තත්ත්වයක් උදාවුණා.

මෙහිදී ව්‍යාපාරිකයන් මෙන්ම මූල්‍ය ආයතන ද අර්බුදයට පත් නොවන ආකාරයට අප කටයුතු කළ යුතුයි. ඒ අනුව පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා පරාටේ නීතිය සම්බන්ධව යම් සංශෝධනයක් අප ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ද අප බලාපොරොත්තු වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම මතය තුළ සිටිනවා.

ඒ වගේම අපට මූල්‍ය සහයෝගය ලබාදෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සාකච්ඡා කොට මෙම අඩු පොලී ණය ක්‍රමය හඳුන්වාදීමට අපේක්ෂා කරනවා. බැංකුව හරහාම ණය ලබාදීමේ දී පවතින ගැටලුව වන්නේ, ලැබිය යුතු අයවලුන් සඳහාම ණය ලබාදීම සිදුවනවා ද යන්නයි. ඒ නිසා මෙම ණය පහසුකම ලබාදීම අධීක්ෂණ ක්‍රමයක් යටතේ සිදු කළයුතු බව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අප තීරණය කළා. ඒ සම්බන්ධව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට ද අප බලාපොරොත්තු වනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?