Latestදේශීය

දේවිකා කොඩිතුවක්කු සජබේට එක් වෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටී. 

1969 අගෝස්තු මස පේරාදෙණියේදී උපත ලද ඇය පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවාය. 

පාසල් සමයේ සිටම විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරතව සිටි ඇය රතු කුරුස සමාජයට එක්වී ඉතා කෙටි කාලයක් තුළ රතුකුරුස හෙදියක් ලෙස ද කටයුතු කිරිමට වරම් ලැබීය.

දශක දෙකකට වැඩි කාලයක් පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සිදුවන අසාධාරණකම් සඳහා නොබියව පෙනී සිටි ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?