Latestදේශීය

රොනී ද මැල් අභාවප්‍රාප්ත වේ

හිටපු මුදල් ඇමතිවරයෙකු වූ රොනී ද මැල් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (27) සවස අභාවප්‍රාප්ත විය.

ජේ.ආර් ජයවර්ධන 1977 මහා මැතිවරණයෙන් 5/6ක බලයක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමේදී මුදල් ඇමති ලෙස පත් කරනු ලැබූයේ රොනී ද මැල්ය. පෙරමුණ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස 1975දී පත් කරනු ලැබූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මෙරටට නව ලිබරල් ආර්ථිකය හඳුන්වාදීමේ සංකල්පය ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක කළේ රොනී ද මැල් මුදල් මුදල් ඇමති විසිනි.

ඉන් පසුව අඛණ්ඩව අයවැය 11ක් ඉදිරිපත් කරමින් මෙරට ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත් කළ මුදල් ඇමති ලෙස සටහන් වී ඇත. පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී සිටියේය.

මියයන විට 99 වැනි වියෙහි පසු වූ ඔහු 1925 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත ලැබීය. ආර්. ප්‍රේමදාස ජනාධිපති සමයේ පසු පෙළ කැබිනට් ඇමති ධුරයකට පත් කළ අතර ඉන් පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගෙන නිහඬ ජීවිතයක් ගත කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?