Latestදේශීය

ජනාධිපති ආරක්ෂාවට තර්ජනයක් – චමුදිත CID කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාවක සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඝාතනය කිරීමට පාතාලය විසින් සිදුකළ සැලසුමක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ විකාශය කර තිබිණි.

ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙන රහස් පොලිසිය හමුවට කැඳවා ඇත.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව අවශ්‍ය තොරතුරු මෙම සාකච්චාවේ හෙලි කර ඇති බවත් ඊට අදාල තොරතුරු තවදුරටත් ලබාගැනීමට මෙම කැඳවීම කර තිබේ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?