Latestදේශීය

CMN නැවතත්…..

මාස දෙකකට ආසන්න කාලයක් CMN (Ceylon Media Network) මාධ්‍ය අවකාශය ජනතාව අතරට ගෙනයන්නට නොහැකි දුෂ්කර කාලයක්  පසුකරන්න අපට සිදුවුණා. ඒ කාලය තුළ මෙරට දේශපාලන ආර්ථික සංස්කෘතක ක්ෂේත්‍රයන් හී සුවිශේෂී සිදුවීම් බොහොමයක් පසුකර සමාජය ඉදිරියට පැමිණියත් එම සිදුවීම් සහ ඊට යටින් දිවෙන බොහෝ ක්‍රියාදාමයන්, සැලසුම්, කුමන්ත්‍රණ, පුද්ගලික සහ සමාජ අභිලාෂයන් මෙන්ම විවිධ ප්‍රවනතාවයන් පිලිබඳව ඔබට විවර කිරීමට CMN මාධ්‍ය අවකාශයට නොහැකි වුණා. එපමණක් නොව ගෝලීය තතු බොහෝමයක් අපට මගහැරී ගියා.

ඉදිරි කාලය තුළ හැකි උපරිමයෙන් පෙරටත් වඩා වේගයෙන් උණුසුම් තතු ඔබට ගෙනඑන්නටයි අපගේ බලාපොරොත්තුව. එමෙන්ම යුක්තිය පිණිස සත්‍යය රැගෙන අපක්ෂපාතී පුවත් තුළින් ඔබගේ මනස සමග තාර්කික සංවාදයකට ඉඩහසර වෙන් කරගැනීමටද CMN මාධ්‍ය අවකාශය හරහා අපි උත්සාහ කරනවා.

එදා මෙදාතුර අපව විශ්වාස කරමින් අප හා රැදුණු ඔබට අපගේ ප්‍රණාමය. වඩා යහපත් මනුෂ්‍ය සමාජයක් වෙනුවෙන් අපගේ මාධ්‍ය භූමිකාව පිළිබඳව ඔබගේ සහෝදරාත්මක අදහස්, යෝජනා සහ විවේචන අපට අමිල වටිනාකමක් එක්කරනු ඇති.

ඉතින්, නැවතත් CMN මාධ්‍ය අවකාශය ඔබ වෙනුවෙන්ම ජනතාව අතරට විවෘත කෙරෙනමේ මොහොතේ අපව ශක්තිමත්ව වැළඳගන්න.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?