Latestදේශීය

පොලිස් වෙඩිපහරින් තවත් දෙදෙනෙක් මියයයි

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කරන්නේ, පොලිසිය දෙසට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගිය බවය.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අන කළත් ඔවුන් එම අන නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට දන්වා ඇත.

ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහා කර තිබේ.

ඒ අවස්ථාවේ පොලිසිය සැක ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරයත් සමග දෙදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු අසල රබර් වත්තට පැන පාළාගොස් තිබේ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද සිද්ධිය වූ ස්ථානය අසළ වැටී ඇතැයි පොලිසිය කියයි.

මහ මගදී මෙන්ම පොලිස් ස්ථානවලදී සැකකරුවන් ඝාතනය වීම් සම්බන්ධයෙන් මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට ඇත්තේ ඉතාමත් අපකීර්තියකි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?