Latestදේශීය

අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන

යුක්තිය පසිඳලීමේදී වසර සියයකටත් වඩා වැඩි කාලයක් තිබුණු විෂමතාවක් දුරු කිරීම  සඳහා  අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන ගෙන එන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පැවසීය. අපරාධ නඩු විධාන සංග්‍රහය සම්බන්ධයෙන් වූ සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

රිමාන්ඩ් දඩුවම ප්‍රධාන දඩුවමේ කොටසක් බවත් එබැවින් යම් වරදක් වෙනුවෙන් රිමාන්ඩ් ගතවන සිරකරුවකු රිමාන්ඩ්ව සිටින කාලය හා අවසාන දඬුවම ලබාදෙන කාලය එකට ගණනය කිරීම මෙමගින් සිදු වේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,යම් අපරාධයකට සම්බන්ධ පාතාල කල්ලි, සංවිධානාත්මක අපරාධකරුවන් වැනි පිරිස් මෙන්ම සමාජයට අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි වැරදිකරුවන් වැනි පිරිස් සම්බන්ධයෙන් ලබාදී ඇති ව්‍යතිරේක හා අභිමතය පරිදි කටයුතු කිරීමේ බලය ලබාදී තිබෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?