Latestදේශීය

මං සන්ධි අසල යාචකයින්ට සල්ලි දෙන්න එපා – පොලීසිය

මං සන්ධි සහ සංඥා පුවරු අසළ රැඳෙමින් සිඟමනේ යෙදෙන යාචකයින් සඳහා මුදල් ලබාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා මෝටර්රථ හිමියන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොලීසිය , කොළඹ මහ නගර සභාව සමග එක්ව මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(29)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, මෙම යාචකයන් නිසා රියදුරන් බොහෝ අපහසුතාවයට පත්වන බවයි. මේ හේතුවෙන් විවිධ අනතුරු සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ හපුගොඩ මහතා පැවසුවේ,

මං සන්ධි සහ සංඥා පුවරු අසළ රැඳෙමින් සිඟමනේ යෙදෙන යාචකයින් සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදු කළා. එම මෙහෙයුමේදී  යාචකයින් 94 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. නමුත් යම් දඩ මුදලක් නියම කර ඔවුන් ඇප මත නිදහස් කිරීමට සිදු වෙනවා. ඔවුන් නැවතත් පුරුදු රැකියාවම කරනවා.

කොළඹ මහ නගර සභාව තුළ180ක් පමණ සංඥා ලාම්පු ප්‍රමාණයක්  ක්‍රියාත්මක වෙනවා. මෙම සංඥා ලාම්පු ක්‍රියාත්මක වූ ගමන් සිගන්නන් පැමිණ අනවශ්‍ය තද බදයක් නිර්මාණය කරනවා

එවැනි අවස්ථාවලදී රියදුරන් බොහෝ අපහසුතාවයට පත් වෙනවා. ඇතැම් යාචකයින් වුවමනාවෙන් මෙම වාහන වල හැපෙමින් මුදල් ලබා ගැනීමට උත්සාහ කරනවා

විදෙස් ජාතිකයින් මෙරටට පැමිණ රිය ධාවනය කිරීමට නම් ශ්‍රී ලංකා මෝටර්රථ සංගමයේ ලියාපදිංචි විය යුතුයි.

නමුත් එම විදේශිකයින් මෙරටට පැමිණ  රිය ධාවනය කිරීමේදී මංසන්ධි සහ සංඥා පුවරු අසළ ගැවසෙමින් සිගමනේ යදින යාචකයින් නිසා එම විදේශිකයින් බොහෝ අපහසුතාවයට පත්වන බවද එම සංගමය පෙන්වා දුන්නේය.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *