Latestදේශීය

මැතිවරණයට සල්ලි දෙන්න

රටේ ආර්ථික තත්වය යම් යහපත් මට්ටමක පවතින බවට රජයේ පාර්ශ්වයෙන්ම ප්‍රකාශ නිකුත් කරන හෙයින් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා පවසයි.

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළද රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ලබා දිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සෑම අවස්ථාවකදීම එම කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.

පළාත් පාලන මැතිවරණයට අවස්ථා දෙකකදී දින නියම කළත් එම අවස්ථා දෙකේදීම මැතිවරණය නොපවත්වා කල් දැමුණු අතර මේ වනවිට දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දමා ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බහුතරයක්ද මේ වනවිට මුද්‍රණය කර අවසන්ව පවතින අතර ඒවා දැනට රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ තැන්පත් කර තිබේ.

මේ අතර පළාත්පාලන මැතිවරණය කල් ගොස් ඇතත් එම මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරගෙන යන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා වැඩිදුරටත් පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?