Latestදේශීය

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

ජූනි 20 වැනි අගහරුවාදා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව ප.ව. 5.00 ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීම සිදුවේ.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.   

ජුනි මස 21 වැනි බදාදා පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට මෙහිදී තීරණය වී තිබේ.

අනතුරුව ප.ව. 5.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද තිබේ.

ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 – පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව 2023.06.01 දින ගරු ජනාධිපතිතුමා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද තීරණය විය.

ජුනි මස 23 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා පළ කිරීමටයි. මේ අනුව එදින පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන   ලැරීන් පෙරේරා මහත්මිය, රෙජිනෝල්ඩ් කුරේ මහතා, බුද්ධික කුරුකුලරත්න මහතා සහ  මුත්තු සිවලිංගම් මහතා වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමටට කාලය වෙන්කර තිබේ. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?