Latestදේශීය

කීරි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ ( 20 )  පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ  එම  තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.

විශේෂයෙන්ම කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

එම ක්‍රියාමාර්ගය තුළින් ද මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් මිල  ප්‍රමාණය ඉහළ දැමීමටද තීරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙලෙස මිල ඉහළ දැමීම මහා පරිමාණ මෝල් හිමියන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන බවත් ඒ සඳහා ස්ථීර විසඳුමක් සැපයීම සඳහා අද කැබිනට් මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?