Latestදේශීය

පෞද්ගලික අංශ නොගෙවූ EPF මුදල් ගෙවීමට භාන්ඩාගාරයෙන් කෝටි 500ක්

පෞද්ගලික අංශයට විකුණා දමන ලද වතු සමාගම්වල සේවකයින් වෙනුවෙන් ගෙවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ සාමාජික මුදල් රුපියල් කෝටි 500ක් පමණ රජයෙන් ගෙවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය සම්පත් විකුණා දමමින් ගෙනයන ක්‍රියාමාර්ග අනුව රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු, සමාගම්වලට විකිණීම රණසිංහ ප්‍රේමදාස ජනාධිපති යටතේ ආරම්භ කළ අතර රනිල් වික්‍රමසිංහ එවකට කැබිනට් ඇමතිවරයෙකු ලෙස ඒ සඳහා අනුමැතිය ලබා දී තිබිනි.

නමුත් අදාළ වතු සමාගම් විසින් සේවකයින් වෙනුවෙන් ගෙවියයුතු අර්ථ සාධක අරමුදල් වසර 20කට වඩා වැඩි කාලයක් නොගෙවීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය ඉදිරියේ වතු සමාගම්වලට එරෙහිව නඩු 2000කට ආසන්න ප්‍රමාණයක් ගොනු කර ඇති අතර එම නඩු සමතයකට පත් කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් අර්ථ සාධක අරමුදල වෙත සාමාජික ගාස්තු ගෙවීමට ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටිය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සියලු රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ කඩිනම් ක්‍රියාමාර්ගවල යෙදී සිටින්නේ මේ ආකාරයෙන් පෞද්ගලික අංශය සිදු කරන ගසා කෑම්වලට මහජන ධනය යොදවමින් වන්දි ගෙවීමට සිදුවී ඇති පසුබිමකය.

අදාළ පුද්ගලික සමාගම් එම වතුවල තිබූ සියලු සම්පත් විකුණා අයුතු ලාබ ලබා ඇති බව විවිධ අවස්ථාවලදී හෙළි වී තිබිණි. එසේ තිබියදී එම සමාගම් විසින් ගෙවිය යුතු කෝටි 500කට අධික මුදල අයකරගැනීම සම්බන්ධයෙන් කිසි අදහසක් දක්වා නැත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?