Latestදේශීය

මේ වසරේ ජනාධිපතිවරණය මිසක් වෙනත් මැතිවරණ නැහැ – ප්‍රසන්න රණතුංග

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත්කරන බවද අමාත්‍යවරයා කීවේය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ ප්‍රශ්නයකට අද ( 7) පාර්ලිමේන්තුවේදී පිලිතුරු දෙමිනි.

නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ රැස්විය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරුන් අතර මෙවන් සංවාදයක් ඇතිවිය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (ශ්‍රී.පො.පෙ) – පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් දමලා. ඒකට මුදල් දෙන්න බැහැ කියල ආණ්ඩුව කියනවා. හැබැයි විමධ්‍යගත අරමුදල් යටතේ 2023.12.29 දින ආණ්ඩුව චක්‍රලේඛයක් නිකුත් කරල තියෙනවා. එහි 8.3 වගන්තිය අනුව මේ සංවර්ධන ව්‍යාපෘති ජුලි 31 වැනිදා වෙනකොට අවසන් කරන්න කියලා දාලා තියෙනවා. මාස හතකින් අවුරුද්දක වැඩ ඉවර කරන්න. මේ කරන්න හදන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන යන වැඩසටහනක් කියලා පැහැදිලියි. විපක්ෂයේ මන්ත්‍රීවරු කිසිවකුට විමධ්‍යගත අරමුදල් වලින් මුදලක් ලබා දෙන්නේ නෑ. කඳුකර දශකය වැඩසටහන යටතේ 2024/2023 වසරවල ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කළ චක්‍රෙල්ඛයට අනුව 2024 වැඩසටහන මාර්තු 10ට පෙර අවසන් කළ යුතුයි.

පළාත් පාලන බලප්‍රදේශ සඳහා උපදේශන කමිටුපත් කරන්න කියල තියෙනවා. එ‍කෙන් අදහස් කරන්නේ වහල තියෙන ප්‍රදේශීය සභා, නගර සභා, මහනගර සභා නැවත බලාත්මක කරන්න ඡන්දයක් නැවත කැඳවල තියෙන තත්ත්වයක් තුළ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය දේවල් කරන්නයි. මේක දේශපාලන පක්ෂවලට කරන ලොකු අසාධාරණයක්. මේ සියල්ල එකතුකළාම බිලියන 3.4ක්, ඒ කියන්නේ හැම පළාත් පාලන ආයතනයකටම දුන්නයින් පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය තියන්න සල්ලි නෑ කියනවා. අගමැතිතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්පූර්ණ වැරදි සහගත ක්‍රියාවලිය නවත්වන්න කියලා. කරුණාකරල පළාත් පාලන මැතිවරණය තියන්න.

ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – මෙතුමා මොන අරමුණකින් කතා කළාද කියන්න මම දන්නේ නැහැ. ඔබතුමා කියන්නෙ සංවර්ධන වැඩ නවත්වන්න කියලද?. පළාත් පාලන මැතිවරණය විතරක් නෙවෙයි පළාත් සභා මැතිවරණයත් කල් දමලා. හැබැයි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය කියනව කියල ජනාධිපතිතුමා කියල තියෙනවා. ඒ වැඩ ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවෙනවා. රජය සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන් සඳහා ප්‍රතිපාදන වෙන්කරල නෑ.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේක මීට කලිනුත් කිව්වා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට ඔබතුමන්ලගේ යෝජනා අරින්න. ඒ යෝජනා එතනින් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඔබතුමා රටට වැරදි මතයක් දෙන්න එපා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?