Latestදේශීය

දේශීය පාවහන් කර්මාන්තයට දැඩි ප්‍රහාරයක් එල්ල කළ නිදහස් වෙළඳ ගිවිසුම

මේ වනවිට දේශීය පාවහන් නිෂ්පාදකයන් මුහුණ දී ඇති දැඩි අනතුරුදායක තත්වයෙන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව උපරිම සහයෝගය ලබාදිය යුතු බව අවධාරණය කර තිබේ.

දේශීය පාවහන් නිෂ්පාදකයන්ගේ සංගමයේ උපදේශක එන්. පී. නෙවිල් පෙරේරා මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් කරුණු ඉදිරිපත් කර ඇත. පවතින විනිමය අනුපාත යටතේ මෙරට වාර්ෂික පාවහන් අවශ්‍යතාවය රුපියල් කෝටි 15,000ක් පමණ වටිනාකමකින් යුක්ත බවත්, එයින් 75%ක් පමණ සපයන දේශීය නිෂ්පාදකයා රැක ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.

විශේෂයෙන් ම, ආණ්ඩුව විසින් කඩිමුඩියේ අත්සන් කරන වාණිජ වෙළඳ ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් නිසා මෙම දේශීය නිෂ්පාදන කර්මාන්තයට දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් ඒ මගින් ඍජුව සහ වක්‍රව මේ වනවිට සේවා නියුක්තිය ලක්ෂ 3කට පමණ ලබා දී ඇති මෙම කර්මාන්තය බිඳ වැටීමේ අනතුරක් ඇතැයි පෙන්වා දී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *