Latestදේශීය

සුසිතගේ ඝාතනයේ තවත් කරුණු රැසක් හෙළිදරව් වෙයි

තම පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට ගිය කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු වන සුසිත ජයවංශ ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් වයඹ පළාත් භාරව හිටපු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මෙම ඝාතනය සම්බන්⁣ධයෙන් දේශපාලන සම්බන්ධතා පිළිබඳ තවත් තොරතුරු රැසක්ද අනාවරණය වෙමින් පවතින බවද වාර්තාවේ.

ඒ, එම තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මස්සිනා එම ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන අනාවරණය අනුවය.

සිඟිති නැමැත්තාගේ දියණිය සමඟ අදාළ තරුණයා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවත් ඔහුගෙන් ඇය ගැබ්ගෙන තිබූ නමුත් ඇයව විවාහ කරගැනීම තරුණයා විසින් ප්‍රතික්ෂේප කළ නිසා පහරදී ඝාතනය කළ බවත් සැකකරු පාපොච්චාරණය කර අත.

අදාළ තරුණයා පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් පහරදී ඔහුගේ ඇස් බැඳ දමා තිබූ රෙදි පටියෙන් ගෙල සිරකර ඝාතනය කළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් පෙම්වතියගේ නිවසේදි පහරදී ඝාතනය කළ තරුණා‌ගේ සිරුර පසුව රක්ෂිතයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙය ඝාතනයක් බවට ඔප්පු වී ඇති බැවින් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සිඟිති නැමැත්තා සහ ඔහුගේ බිරිඳ අද (09) දිනයේත් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (08) නියෝග කර තබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සිඟිති නැමැත්තා සබඳකම් පැවැත් වූ පළාතේ දේශපාලඥයින් කිහිප දෙනෙකු වෙතද පොලිසියේ අවධානය යොමු කර තිබෙන අතර මෙම සිඟිති නැමැත්තාද ප්‍රධාන දේශපාලන පක්ෂයක පළාත්ලාන අපේක්ෂකයෙකු බවද පැවසේ.

ඔහු නීති විරෝධි මත්පැන් වෙළඳාමේ නිරත වන අයෙක් බවද පොලිසිය පවසයි.

අදාළ තරුණයා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය සිඟිති නැමැත්තාගේ දියණිය ඇතුළු දරුවන් තිදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා වයඹ පළාත් හිටපු ප්‍රධාන ඇමති අතුල විජේසිංහගෙන්ද පොලිසිය ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?