Latestවිදේශීය

ඉරානයට මැදිවූ ඇමරිකානු ඉන්දීය බල උණුසුම

(එන්.ඩී.ටීවී.)

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය. 

ඉන්දියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතින අතර, ඉන්දීය රජය පසුගිය දා ඉරානයේ චබහාර් වරායේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉරානය සමඟ 10 වසරක ගිවිසුමකට අත්සන් කළේය.

මෙය ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, ඇමෙරිකාව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කවුරු වුණත් කමක් නැහැ. ඉරානය සමඟ සම්බන්ධකම් පවත්වන රටවලටසම්බාධක පැනැවීමක් සිදු කරන බවත්, එම සම්බාධකවලට මුහුණ දීමට සූදානමින් ඉරානය සමඟ ගනුදෙනු කරන ලෙසත් ය. ඇමෙරිකාව මෙම තර්ජනය කළේ ඉන්දියාවට බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානව සහ ඉන්දියාව අතරේ සමීප මිතුදම් පවතී. ආසියානු කලාපයේ චීනය ඇමෙරිකාවට තර්ජනයක් වී ඇති බැවින්, ඇමෙරිකාවේ සමීපතම මිතුරා වී සිටින්නේ ඉන්දියාවය. 

ඇමෙරිකාවේ තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ එම ඉරාන සමඟ අත්සන් කළ එම ව්‍යාපෘතිය මුළු කලාපයටම ප්‍රතිලාභ ලබා ගෙන දෙන්නක් බවය. එබැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පටු අදහස් නොදැරිය යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට පෙන්වා දී ඇත. ඉරානය, චබහාර් වරායේ ඉදිරි කිරීම් සිදුවූයේ ඉන්දීය රජයේ ද සහාය ඇතිවය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?