Latestදේශීය

අවුරා ලංකා විරංජන් තාඹුගල රිමාන්ඩ්

නැවත ලබා­දීමේ පද­නම මත ලබා­ගත් රුපි­යල් මිලි­යන 70ක මුද­ලක් ලබා­නොදී වංචා කළැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අත්අ­ඩං­ගු­වට ගත් අවුරා ලංකා සමා­ගමේ අධි­පති ව්‍යාපා­රික විරං­ජිත් තාඹු­ගල ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස කොළඹ අති­රේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජී­වනී පති­රණ මහ­ත්මිය ඊයේ (22) නියෝග කළාය. 

අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ග­ලික සමා­ගමේ අධි­පති ආතර් සේනා­නා­යක මහතා කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ කළ බවට සඳ­හන් කර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝ­ගය නිකුත් කළාය.

මෙම ගනු­දෙ­නුව සිදු­වන අව­ස්ථා­වේදී පැමි­ණි­ලි­කරු රුපි­යල් මිලි­යන 60ක මුද­ලක් ඔහුගේ බැංකු ගිණු­මෙන් ලබා­ගෙන සැක­ක­රුට ලබාදී ඇති බවත් මෙයින් අප­රා­ධ­මය වර­දක් වී ඇති බවත් සඳ­හන් කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අදාළ මුදල සැක­කරු විසින් පැමි­ණි­ලි­ක­රු­ගෙන් ලබා­ගෙන ඇති බවට තොර­තුරු හෙළිවී ඇතැයි ද අධි­ක­ර­ණ­යට පැවැ­සීය.

දින පහ­ළො­වක් ඇතු­ළත ලබා දෙන පොරො­න්දුව මත ලබා ගත් මෙම මුදල සඳහා දෙපා­ර්ශ්වය විසින් ගිවි­සු­මක් ද අත්ස­න්ක­රනු ලැබ ඇති බවත් සැක­කරු නැවත එම මුදල ලබා නොදී වංචා කර ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නිතීඥ රන්ජන් ද සිල්වා මහතා සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­කයා අදාළ ආය­ත­න­යෙන් හෙළි­කො­ප්ටර් දෙකක් මිල­දී­ගැ­නීමේ ගනු­දෙ­නු­වක් සිදු­කර ඇති බවත් එහි දී අදාළ මිල­ග­ණන් විමසා බැලීමේ දී රුපි­යල් මිලි­යන 120ක මුද­ලක් තම සේවා­දා­ය­කයා පැමි­ණි­ලි­ක­රුට ගෙවා ඇති බවට හෙළිවූ බවත් ය.  කෙසේ වෙතත් තම සේවා­දා­ය­කයා මෙම මිලි­යන 70ක මුදල ලබා නොගත් අතර එම චෝද­නාව තරයේ ප්‍රති­ක්ෂේප කරන බව ද නිතී­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඉදි­රි­පත්වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­කරු සම්බ­න්ධ­යෙන් වන විම­ර්ශන කඩි­න­මින් අව­සන් කර වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙසට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියම කර­මින් සැක­කරු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *