Latestවිදේශීය

මිනිස් වාසයට සුදුසු පෘතුවියට සමාන ග්‍රහලෝකයක් හමුවේ

පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබේ.

ඒ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයකින් බව වාර්තාවේ.

මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ග්ලීස් 12 බී (Gliese 12b) ලෙසය.

මෙම ග්‍රහලෝකය මේ දක්වා හමු වූ පෘථිවියට සමාන සහ ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට උපකල්පනය කර ඇත.

එම ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ.

මෙම ග්‍රහලෝකයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටා ඇති බවත්, එම නිසා ග්‍රහයා සමීපව නිරීක්ෂණයට බාධා ඇතිවී තිබෙන බව විද්‍යාඥයින් පවසයි.

සෑම දින 12.8කට වරක් එහි සූර්යයා වටා කක්ෂගත වන අතර එය පෘථිවියට සමාන විශාලත්වයක් දරණ බවද සඳහන්වේ.

අනාගතයේ දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි දියුණු දුරේක්ෂ භාවිතයෙන් එහි වායුගෝලය සහ ලක්ෂණ අධ්‍යයනය කිරීමට විද්‍යාඥයෝ උනන්දු වෙති.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?