Latestදේශීය

ස්වර්ණාභරණ ආයතන 13ක් හොරෙන් රන් ගෙනැවිත් – වසරක පාඩුව කෝටි 30000යි

(රංජන් කස්තුරි)

මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත

එම නීති විරෝධී රත්රන් තොගය සඳහා රුපියල්  කෝටි 4400 ක පමණ දඩ මුදලක් අය කිරීමට නියමිතව ඇති අතර ඇතැම් පිරිසක් හොර පාරෙන් එම රන් තොගය නිදහස් කිරීමේ සූදානමක් පවතින බවද රේගු ආරංචි  මාර්ග  සඳහන් කරයි

රජයට ගෙවිය යුතු බදු  නොගෙවා නීති විරෝධී අයුරින් එලෙස රත්රන්  ලබාගෙන තිබූ  බව කියන එම ආයතන අතර මෙරට ප්‍රධාන පෙළේ ස්ව ර් ණා භරණ ආයතන කීපයක්ම තිබෙන බවද වාර්තාවේ  

මෙරට ප්‍රධාන  ස්ව ර් ණාභ රණ  ආයතන කාලයක් තිස්සේ නී ත්‍යනුකූල නොවන මා ර් ග වලින් ඉන්දියාවෙන් රන් තොග ලබා ගන්නා අතර එම නිසා රජයට  වසරකට  රුපියල් කෝටි  30000 ක   පමණ බදු ආදායමක් අහිමිවන බවද වාර්තාවේ 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?