Latestදේශීය

සජිත් ජනාධිපති වූ පසු දිස්ත්‍රික් 25ට ජනාධිපති කාර්යාල 25ක්

තමන් ජනාධිපතිවරණය ජයගත් පසු රට පුරා සියලුම දිස්ත්‍රික්කවල ජනාධිපති ලේකම් කාර්යාලවල උපකාර්යාල පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉන් පසුව ජනතාවට තම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට පැමිණ තම ගැටලුවට ජනාධිපති ලේකම් කාර්යාලය ඔස්සේ කාර්යක්ෂමව විසඳුම ලබා ගත හැකි බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුවේදී සංවිධානය කර තිබූ සමගි ජනබලවේග ජන හමුවක් අමතමිනි.

ඉතිහාසයේ මෙරට කිසිදු නායකයෙක් විපක්ෂයේ සිට ජනතාවට වැඩ කර නොමැති බවත් තමන් විපක්ෂයේ සිටම ජනතාවට වැඩ කිරීම ආරම්භ කර ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *