Latestදේශීය

නාවික හමුදා සහන සේවය පුත්තලමට

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම, මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන්, හේනේපොල ප්‍රදේශයේ ඇති වී ඇති ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායමක් 2024 මැයි මස 26 වන දින එම ප්‍රදේශයට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම විසින් මේ වන විට ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි. 

පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඔස්සේ ගලා බසින කටුපිටි ඔය පිටාර  ගැලීමෙන් හේනේපොල ග්‍රාම නිලධාරී වසම වෙත පිවිසෙන සියලු පිවිසුම් මාර්ග ජලයෙන් යටවී ඇති බවත්, ඒ හේතුවෙන් එම ග්‍රාම නිලධාරී වසමේ පවුල් විසි හතක (27) පුද්ගලයන් අසූ නව (89) දෙනෙකු පීඩාවට පත්ව ඇති බැවින්, ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා, පුත්තලම දිස්ත්‍රික් ආපදා කලමාණාකරන මධ්‍යස්ථානය වෙතින් කෙරුණු ඉල්ලීමකට අනුව, නාවික හමුදා සහන කණ්ඩායමක් මෙලෙස මාදම්පේ ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරිනි.

ඒ අනුව, නාවික හමුදා සහන කණ්ඩායම විසින් අද දින (27) උදෑසන පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශවාසීන් හට නාවික හමුදා යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආරක්‍ෂිතව සලසා දීමට කටයුතු  කෙරුණු අතර, එම ප්‍රදේශයේ අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.    

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව වෙත කඩිනමින් සහන සැලසීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහන කණ්ඩායම් 41 ක් නාවික හමුදාව විසින් තවදුරටත් සූදානමින් තබා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?