Latestදේශීය

විජයදාසට එරෙහි වාරණය දිර්ඝ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කිරීම වළක්වා ලමින් විජයදාස රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (27) නියෝග කර තිබේ.

ඒ එම නඩුව අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරු වෙත යොමු කරන බව දිසා විනිසුරුවරයා එහිදී සඳහන් කර ඇත.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරු ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වෙනිදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

මෙම නඩුව ගොනු කරනු ලැබ ඇත්තේ ඇමති ලසන්ත අලගියවන්න, ඇමති මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසිනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *