Latestදේශීය

චන්ඩි පාට් දාන්නේ ඡන්ද නැති නිසා – පලනි දිගම්බරම්

(රංජිත් රාජපක්ෂ)

වතුකරයේ ඇතැම් දේශපාලඥයින් නිතිය අතට ගෙන චන්ඩි පාට් දමමින් රගපැමක නියැලිමෙන් වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනිමට උත්සහ කලත් වතුකරයේ ජනතාව එම රගපැමට හසු නොවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ නොර්වුඩ් මානෙළු වත්තේ වතු කම්කරුවන්ට සෙවිලි තහඩු බෙදා දිමේ අවස්තාවට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, ආණ්ඩු පක්ෂය මැතිවරණය කල් දාන්න උත්සහ කරමින් ඉන්නවා , රටේ ව්‍යාවස්ථාව අනුව මැතිවරණය කල් දාන්න බැහැ, ඔක්තොම්බර් මාසයට කලින් මැතිවරණය තියන්න ඕනි, අනිවාර්යෙන්ම මැතිවරණය තියෙනවා.

පොහොට්ටුව එක්ක හෝ නැතුව ආවත් මේ ආණ්ඩුවට මැතිවරණය දිනන්න බැ ඒක තමයි කල් දමන්න හදන්නේ , වජිර කියනවා මැතිවරණය විශාල ජන්ද ගණනකින් දිනනවා කියලා එහෙම නම් මැතිවරණය තියන්න බය වෙන්න ඕනි නැනේ.

වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් වැඩ කලේ නැ ඒ නිසා එයාලා හිතනවා පොඩි චන්ඩි පාට් එකක් දැම්මම මිනිස්සු තියාගන්න පුළුවන් කියලා, දැන් වතුකරයේ ජනතාව හොදට ඉගෙන ගත්ත අය ඉන්නේ ඒ නිසා බොරුවට චන්ඩි පාට් දාලා රගපාලා ජන්දය ගන්න බැ.

දේශපාලඥයින් නිතිය අතට ගැනිම මම අනුමත කරන්නේ නැ , මගේ පාලන කාලයේ මම කිසිවිටෙක නිතිය අතට ගත්තේ නැ.

හදිසියේවත් ඉවසිම නැතිවිමෙන් පොලිස් නිලධාරියෙක් වෙඩි තිබ්බොත් මොකද කරන්නේ ? ඒ නිසා රජය මේ පිලිබදව අවධානය යොමු කරන්න අවශ්‍යයි.

සමහරවිට ආණ්ඩුව කියලා ඇති මේ වගේ චන්ඩි පාට් එකක් දාලා පොඩ්ඩක් රගපාන්න එතකොට ජන්දය ගන්න පුළුවන් වෙයි කියලා , ඒවට අපේ මිනිස්සු රැවටෙන්නේ නැ.

ආණ්ඩුවට නුවරඑලියට ඇවිල්ලා ජන්දය ඉල්ලන්න පුළුවන්ද ? අනිවාර්යෙන්ම පැරදෙනවා , 2015 මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගන්න ජන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගන්නවා.

මම වැඩ කලොත් මට ඡන්දය දෙනවා , කලේ නැත්තම් ඡන්දය ලැබෙන්නේ නැහැ ,යනුවෙන් පැවසිය.

මෙම අවස්තාවට එම පක්ෂයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රි පා.ම එම්.උදයකුමාර් මහතාද සහභාගි විය.
@lanka C news

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?