ගාසා හී මිනිස් දූ පුතුන් ලක්ෂ 2ක් අවතැන්
දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නුවරින් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව පලස්තීන ජනතාවට කළ නියෝගයෙන් දෙලක්ෂ පනස්දහසකට අධික ජනතාව දැඩි පීඩනයකට ලක්වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ දෙවැනි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරින් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව කළ නියෝගයෙන් අවතැන්වූවන් සඳහා වන යුරෝපීය රෝහල් භූමියේ කඳවුරුවලින් පලා යෑමට පලස්තීන ජනතාවට සිදුවී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව එම නියෝගය කර ඇත්තේ පසුගියදා රෆා නුවරට එල්ල කළ දරුණු ප්‍රහාරයට සිවිල් වැසියන් කොටුවීම හේතුවෙනි. පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භවීමෙන් පසු මේ දක්වා අවම වශයෙන් පලස්තීනුවන් 37,925 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 87, 141 දෙනකු තුවාල ලබා ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.

@දිනමිණ