Latestදේශීය

ඇමතිවරු වගේම ජනාධිපතිවරුත් හොරු – කුමාර වෙල්ගම

ඇමති ධුර හෙබවූ බොහෝ පිරිසක් මෙන්ම හිටපු ජනාධිපතිවරුද හොරු බවත් ඔවුන් “මාටියා පාර” ගහපු අය බවත් කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ සමයේ හිටපු ඇමති කුමාර වෙල්ගම අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ(10) පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීමක් අතරතුරය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ,

“රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සභාවෙදි කිව්වා, එතුමාට මේ පාලනය හරියට ගෙනියන්නනම් අපිට සිද්ධ වෙනවා එංගලන්තෙ මහ බැංකුවත් කඩන්න කියලා. අපි ඔය පැත්තෙ ඉන්නකොට අපි තමයි කෑ ගැහුවේ, රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව කැඩුවයි කියලා.

ඒකෙන් ප්‍රයෝජන ගත්තේ අපි නෙවෙයි. ඒත් ඉතිං මේ පැත්තේ ඉන්න අය තමයි. (සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙසට අත දිගු කරමින්) ඒත් මැතිවරණයක් වෙලාවේ. මම කියන්නේ නැහැ ඔක්කොම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. ඒක කියන්න එපැයි. බොරුවට මේ මම හොඳයි මම සුදනයි කියන්න බැහැ. අපි ඔක්කොම හොරු. මම මේ කියන්නේ හිටපු ඇමතිවරු, ජනාධිපතිවරු ඒ ඔක්කොම මාටියා පාර ගහල තියෙනවා.

අපේ හිටපු ජනාධිපතිතුමා කියනවා රත්තරංගෙන් අවසරයි. රත්තරං කියලා හොරෙක් කළුතර දිස්ත්‍රික්කයේ හිටියා. මේ රත්තරං නෙවෙයි. ඒ මාල කඩපු හොරෙක්. කළුතර ඉදන් අලුත්ගමට යනකන් ඔය මාල කඩපු හොරු හිටියා. රත්තරං කිව්වාම අපිට මතක් වෙන්නේ අර හොරා. අනුර දිසානායක මහත්තයා, අපේ දියසෙන් කුමාරයා සජිත් ප්‍රේමදාස මහත්තයා හොරුන් නම් ගාව ගන්න එපා.” යනුවෙනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *