Latestදේශීය

බන්ධනාගාර අධිකාරිට ඩුබායි සිට දුරකථනයෙන් තර්ජන

(යොහාන් භාසුර )

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක ඔහුගේ නිවසට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි දිසානායක  මහතා පැවසීය.

පුද්ගලයන් දෙදෙනෙක් (11) වැනිදා පස්වරු 5.00 ට පමණ යතුරු පැදියකින් පැමිණ නිවසේ රැදි සිටි අධිකාරිවරයාගේ පියාට ඩුබායි රටේ සිටින හීනටියන සංඛ නැමැත්තාගෙන් යැයි පවසා දුරකථන ඇමතුමක් සම්බන්ධ කර ඇති බවත් සහකාර අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරයේ කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසට  එම පුද්ගලයා තර්ජනය කර ඇති බවත් දිසානායක මහතා කීය.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබී දුරකථන කිහිපයක් පසුගියදා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයකු ද අධිකාරිවරයාගෙන් විමසීම් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කර විමර්ෂණ කටයුතු ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *