Latestක්‍රීඩාදේශීය

49වැනි පාසල් ජල ක්‍රීඩා ශූරතාවලියේදී නව වාර්තා කිහිපයක්

හත­ළිස් නව­වැනි පාසල් ජල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී එකම වාර්තා­වක් අබි­බවා යෑමට ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් සමත් වූහ. මයිලෝ අනු­ග්‍ර­හ­යෙන් කොළඹ සුග­ත­දාස පිහි­නුම් තටා­කයේ පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ සිව්වැනි දිනය වූ (12) පෙර­ව­රුවේ පැවති අවු­රුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉස­ව්වේදී මේ වාර්තාව බිහි විය. එහිදී කොළඹ ගේට්වේ ජාත්‍ය­න්තර පාසලේ හිරුකි ද සිල්වා මිනිත්තු 2:32.61කින් පැරණි වාර්තාව මකා දැමූ අතර, එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා­ගත් කොළඹ විශාකා විදු­හලේ ඩිලානි කරු­ණා­දාස ද මිනිත්තු 2:37.42කින් පැරණි වාර්තාව පසු කළාය. එහි පැරණි වාර්තාව 2019 වසරේ සඳු සවින්දි විසින් පිහි­ටුවා තිබුණේ මිනිත්තු 2:37.94කිනි.

විශාකා විදු­හලේ ඩිලානි ඊයේ තවත් වාර්තා­වක් අලුත් කිරී­මට සමත් වූයේ අවු­රුදු 20න් පහළ බාලිකා මීටර් 800 නිද­හස් ආර ඉස­ව්වේ­දීය. එහිදී ඇය මිනිත්තු 10:15.93කින් අලුත් කළේ 2019 වසරේ සඳු සවින්දි මි. 10:19.05ක වාර්තා­වය.

මේ අතර අවු­රුදු 18න් පහළ බාලක මීටර් 200 ඉස­ව්වේදී නව වාර්තා­වක් පිහි­ටු­වී­මට නුගේ­ගොඩ ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාසලේ බිනුර තල­ගල සම­ත්වූයේ මිනිත්තු 2:17.17කිනි. එහි පැරණි වාර්තාව 2019 වසරේ පී. අරු­ක්ෂාන් විසිනි මිනිත්තු 2:17.43කින් පිහි­ටුවා තිබිණි. මේ තර­ගා­ව­ලියේ පස්වැනි දිනය වන අද වන අතර, හෙට තර­ගා­ව­ලිය නිමා වීමට නිය­මි­තය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *