Latestදේශීය

“උරුමය“ හරහා අධිකරණයට අභියෝග කරන විධායකය

(අංජුල මහික වීරරත්න)

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල  ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක්  වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

 එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර  ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය  ලබාදීමට හැකිව තිබූ බවද ජනාධිපතිවරයා කීය.

අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ  බව පැවසූ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව ද සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී  පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ  “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල  දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය. 

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ද මීට සහභාගී විය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *