Latestදේශීය

චම්පිකට අභියෝග කරන ගම්මන්පිල

‘පචයට උපන් පා ච රණවක මැතිතුමා නැවත වතාවක් තම පච මෝල විවෘත කරලා තවත් ටොම් පච දෙකක් අත් හැරලා තිබෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

‘පචයට උපන් පා ච රණවක මැතිතුමා නැවත වතාවක් තම පච මෝල විවෘත කරලා තවත් ටොම් පච දෙකක් අත් හැරලා තිබෙනවා. පළමුව, විමල් මන්ත්‍රිතුමාගේ “නවය සැඟවුණු කතාව” පොතේ කියන අයුරින් ඇමෙරිකානු කුමන්ත්‍රණයක් අරගලය පිටුපස තිබුණා කියන එක මෙරට ජනතාවට කරන අපහාසයක් බවත් විදුලි කප්පාදුව සහ භාණ්ඩ හිඟය විසින් ජනතාව ආණ්ඩුව එලැවීමට පාරට පැමිණි බවත් එතුමා කියනවා. ඕනෑම ඔළුවක් තිබෙන කෙනෙක් පොතක් ගැන අදහස් දක්වන්නේ ඒ පොත කියවලා. එතුමා පළමු උපාධිය දක්වා ඉගෙන ගත් අයෙකු ලෙස විමල් මන්ත්‍රිතුමාගේ පොතේ පළමු පිටුවේ පළමු ඡේදය කියෙව්වා නම් එයා කියන කතාව කියමින් තමයි පොත පටන් අරන් තිබෙන්නේ කියා තේරුම් ගන්නවා. එතුමා පොත කියවා නැති නිසා මම ඒ ඡේදය කියවන්නම්.

“ශ්‍රී ලංකාව ස්වකීය ඉතිහාසය තුළ මුහුණ පෑ වඩාත් බරපතල ආර්ථික ව්‍යසනයට මුහුණ දුන්නේ 2022 වසරේ මුල සිටය”. 69 ලක්ෂයකට අධික ජනවරමකින් බලය ලද 2/3ක පාර්ලිමේන්තු බලයකට හිමිකම් පෑ ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ මෙබඳු ඉරණමක් අත්වීමට සිදු වේ යැයි කිසිවෙකුත් අපේක්ෂා කලේ නැත. මේ නිසාම අපේක්ෂා භංගත්වයට පත් එකී ජනයා මෙම මහ ආර්ථික කඩා වැටීම හමුවේ විෂම මානසිකත්වයකට ගොදුරු බවට පත්වූහ. එම තත්වය ඕනෑම පන්නයේ විරෝධතාවයකට අවශ්‍ය සමාජමය පිටිය නිර්මාණය කර දී තිබිණි. “ගාළු මුවදොර අරගලය” නිර්මාණය කෙරෙනුයේ ඒ අනුවය.”

ආර්ථික අර්බූදය විසින් ජනතාව අරගලයකට තල්ලු කළා. ඒ ගිනියම් වුණු තැටිය ඇමෙරිකානු රොටිය පුච්චා ගන්න ජූලි චංග් නෝනා භාවිතා කළා කියන එකයි පොතෙන් කියන්නේ. පොත පටන් අරන් තිබෙන්නේම ඒ කතාව කියලා. ඒ නිසා රණවක මැතිතුමාට ආර්ථික අර්බූදය නිසා ජනතාව පාරට බැස්සා විමල් වැරදියි කියා කියන්න බෑ. නමුත් ඇමෙරිකානු සුරතලෙකු ලෙස කුප්‍රකට රණවක මැතිතුමාට ඇමෙරිකාවට බනින විට නම් සෑහෙන්න රිදිලා තිබෙන බව නම් පේනවා. නමුත් 2014ට පෙර නම් රණවක මැතිතුමා ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ පුද්ගලයෙකු විධියටයි හිටියේ. ඒ කාලයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන මට කියා දුන්නු මගේ දේශපාලන ගුරුතුමා වුණේ රණවක මැතිතුමා.

ඇමෙරිකාව ආණ්ඩු පෙරලා තමන්ට හිතැති ආණ්ඩු පිහිටුවන්න හමුදා යවන එකට කියන්නේ වෘක මෙහෙයුම්, සීඅයිඒ හරහා දේශීය බලවේග භාවිතා කර ආණ්ඩු පෙරලන එකට කියන්නේ හිවල් මෙහෙයුම් කියලා මට කියා දුන්නේ එතුමා. එතුමා මට කියා දුන්නු විධියට සීඅයිඒ පළමු හිවල් මෙහෙයුම තමයි 1953 දී තෙල් සමාගම් ජනසතු කළ ඉරාන අගමැති මොහොමඩ් මොසඩෙග්ගේ ආණ්ඩුව පෙරලීම. රූස්වේල්ට් ජනාධිපතිතුමාගේ මුණුබුරා වුණු කර්මිට් රූස්වේල්ට් තමයි ඒ මෙහෙයුම සීඅයිඒ වෙනුවෙන් මෙහෙයවන්නේ.

ඇජැක්ස් මෙහෙයුම නමින් සිදු කළ ඒ ආණ්ඩු පෙරලිය පිළිබඳ සියළුම රහස්‍ය වාර්තා අවුරුදු 64කට පසු 2017 ජූනි මාසයේ දී සීඅයිඒ විසින් ප්‍රසිද්ධ කළා. වත්මන් චම්පිකට අතීත චම්පික කියූ කතා විශ්වාස නැති නම් ඇජැක්ස් මෙහෙයුමේ ප්‍රසිද්ධ කළ ලේඛණ අධ්‍යනය කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නොවේ සිඅයිඒ සංවිධානය විසින් නිකරගුවාව, පැනමාව, ග්‍රෙනඩාව සහ ඉතියෝපියාව වැනි රටවල කළ මෙහෙයුම් පවා අද ඒ සංවිධානය විසින්ම පිලි අරගෙන තිබෙනවා. ඒ නිසා ඇමෙරිකාව සුද්ද කිරීමට මාධ්‍ය හමු පැවැත්වීමෙන් සිදු වන්නේ තමන් කාගේ අල්ලේ නැටවෙන රූකඩයක් ද කියන එක හෙලි වීම පමණයි කියා අපි පා ච රණවක මැතිතුමාට සිහිපත් කරනවා.

මාධ්‍ය හමු පවත්වමින් පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතිව ඇමෙරිකාව ආණ්ඩු පෙරලීම පිළිබඳ විවාදයකට පැමිණෙන මෙන් මම පා ච රණවක මැතිතුමාට ආරාධනා කරනවා.

දේශප්‍රේමි ගම්මන්පිල ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා කියා එතුමා තවත් පචයක් කියනවා. 1987 දී ලංකාවේ ජනාධිපති සහ ඉන්දියාවේ අගමැති අත්සන් කළ ගිවිසුමකින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි 99ම සදාකාලිකව ඉන්දියාව සමග හවුලේ සංවර්ධනය කිරීමට එකඟ වුණා. එහෙම තිබිය දී 2003 දී තෙල් ටැංකි සියල්ලම වසර 35කට ඉන්දියාවට බදු දුන්නා. එහෙම පසුබිමක දී මම ඉන්දියාව සමග වසරකට වැඩි කාලයක් අඛණ්ඩව සාකච්ඡා කරලා ඒ අය පාවිච්චි කළ තෙල් ටැංකි 14 පමණක් ඒ අයගේ පාවිච්චියට දීලා ඉතිරි ටැංකි 85න් 35ක් කෙලින්ම තෙල් සංස්ථාවටත් අනිත් ටැංකි 50 තෙල් සංස්ථාවට බහුතර කොටස් තිබෙන සමාගමකටත් ලබා ගත්තා.

පාච රණවක මන්ත්‍රීතුමා ද ඇතුළුව මෙන්න සියලුම මන්ත්‍රීවරුන්ට තෙල් ටැංකි යළි රටට කියන පොත අපි ලබා දුන්නා අප කලේ මොකක්ද කියන එක කියවා තේරුම් ගන්න. එතුමා පොත් කියවන්නේ නම් නැති පාටයි. පොත් පෙරළන එක තමයි කරන බව පේන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු දිරාපත් වෙමින් තිබුණු ඒ ටැංකි දැන් ප්‍රථම වතාවට රට වෙනුවෙන් පාවිච්චි කරන්න අළුත්වැඩියා කරමින් තිබෙනවා. තමන් බලශක්ති ඇමති විධියට කර ගන්න බැරි වුණු දෙයක් අපි කරලා පෙන්නුවාම ඒකට ඉරිසියා නොකර රටට වුණු වාසිය හිතලා සතුටු වෙන්න කියා පා ච රණවක මැතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.

මේ තෙල් ටැංකි ගිවිසුම අත්සන් කරන දින වල මම ඒක විවේචනය කරන අයට මා සමග විවාදයකට අභියෝග කළා. තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයින් සමගත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමගත් විවාද දෙකක් කර තෙල් ටැංකි පිලිබඳ තිත්ත ඇත්ත අපි රටට හෙලි කළා. මාධ්‍ය හමු පවත්වමින් පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතිව ඇමෙරිකාව ආණ්ඩු පෙරලීම පිළිබඳ හෝ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම පිළිබඳ හෝ හරවත් විවාදයකට පැමිණෙන මෙන් මම පා ච රණවක මැතිතුමාට ආරාධනා කරනවා.

දැන් ඉතින් හැමදාමත් කියන ඌරන් මඩට බැහැලා මඩ ගහ ගන්න කතා කළත් අපට ඕවා හුරු නෑ වගේ කතා කියන්න එපා. මොකද ඒ කතාව අවුරුදු 25ක් පරණයි. අපි පාස්කු ප්‍රහාරයේ උණුසුම මැද රවුෆ් හකීම්, රිෂාඩ් බදියුඩීන් සහ අසාද් සාලි වැනි මුස්ලිම් නායකයින් සමග ඉතාම සංයමයෙන් විවාද කරලා අපේ ශික්ෂණය අපි රටට පෙන්වලා තිබෙනවා. තමන්ගේ පච මෝල හෙලි වන නිසා තමයි පා ච රණවක මැතිතුමා විවාදයකට ඉදිරිපත් නොවී පාළු ගෙවල් වල වළං බිදින්නේ’

@media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?