Latestදේශීය

මම තවම රනිල්ට කියන තීරණය අරගෙන නැහැ – රාජිත සේනාරත්න

ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

කෙසේවෙතත් මේ වනවිටත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කළුතර දිස්ත්‍රික් සංවිධායකයින් ඇති පිරිසක්, මන්ත්‍රී රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට නියමිත බව ප්‍රසිද්ධියේම සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ (15) රාත්‍රී පැවති දෙරණ 360 වැඩසටහනට සම්බන්ධවෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසූවේ තමන් මෙතෙක් එවැනි තීන්දුවක් ලබාගෙන නැති බවය.

ප්‍රශ්නය – ඔබතුමා කවද්ද රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවට නිල වශයෙන් නඟින්නේ ?

පිළිතුර – “එහෙම තීන්දුවක් නෑ මගේ. එහෙම වේදිකාවට යන දවසක් නෑ. ඒ කාලේ යන්න තිබුණානේ.”

ප්‍රශ්නය – ඔබතුමා මේ වෙද්දි තීරණයක ඉන්නවා නේද අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට ජනාධිපතිවරණයේ දී සහාය දෙනවා කියලා.

පිළිතුර – “ඒක තාම එතුමා මාත් එක්ක කතා කරලාවත් නෑ. දැන් එදා ඔය විදියටම මහින්ද රාජපක්ෂලත් සහයෝගය නොදී මේවා සංශෝධනය කර කර හිටියා නම් මොකද්ද ප්‍රභාකරන්ට වෙන්නේ.”

ප්‍රශ්නය – මෙතෙන තියෙන්නේ ඔබ නොකියන ප්‍රශ්නය. ඔබතුමාට කවුරු හරි කිව්වාද දැන්ම ඔබේ නිවේදනය කියන්න එපා රටට කියලා.

පිළිතුර – “මේ ඔක්කෝම කිව්වා වගේ වේලාවල් බලලා. මගේ නිවේදනයක් තියෙනවා නම් ඒක නිවේදනය කරන්නෙත් වෙලාව බලලානේ.”

ප්‍රශ්නය – රාජපක්ෂවරු ඒ වේදිකාවේ හිටියොත්, ඔබ ඒ වේදිකාවට නඟිනවා ද ? නැද්ද?

පිළිතුර – “මම තාම රනිල්ගේ වේදිකාවට නඟිනවා කියලා තීරණය කරලත් නෑනේ. ඒ වේදිකාවේ කවුද ඉන්නේ කියලා බලාගන්න ඉස්සෙල්ලා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *