Latestදේශීය

අමාරුව ජනතාවට පෙන්නලා ආන්ඩුව ගේම් ගහනවා – වසන්ත සමරසිංහ

විදුලි බල මණ්ඩලය පවත්වා ගෙන යාමට තිබෙන දුෂ්කරතාවෙන් වශයෙන් විවිධ කරුණු හුවා දක්වමින් ආණ්ඩුව ජනතාවට එරෙහිව ගේම් ගැසීමක යෙදී සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

ඔහු මේ බව පෙන්වා දුන්නේ දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් පසුගිය 29 වන දින පවත්වන ලද “විදුලි මාෆියාවේ ගෝඩ්ෆාදර්ලා” යනුවෙන් නම් කළ විශේෂ හෙළිදරව්වේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ දැක්වූ අදහස් අතර විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ගෙන යන මාෆියා කල්ලි පිළිබඳව සහ ඒ තුළ ක්‍රියාත්මක වංචා දූෂණ පිළිබඳව කරුණු දැක්වූයේ පහත දැක්වෙන ආකාරයෙනි.

“ලංකාවේ වාර්ෂිකව විදුලි ජනනය (2022 වර්ෂයේ වාර්තාවට අනුව) විදුලි ඒකකවලින් (මෙගාවොට් පවර්) ගත හොත් මිලියන 16,000යි. දෛනික විදුලි ජනනය, විදුලි ඒකක මිලියන 44යි. පුනර්ජනනීය 52%, ගල් අඟුරු 32%, තෙල්වලින් 16% යන ආකාර තුනෙන් විදුලිය උත්පාදනය කරනවා. ලංකාවේ වැඩිම විදුලි ඉල්ලුමක් තිබෙන්නේ 2022.01.31 දිනට මෙගාවොට් 2,708ක්. මේ අනුව 2045 වසර වනවිට විදුලි ඒකක 54,000ක් උත්පාදනය කළ යුතු වෙනවා. මේ ජනතා අවශ්‍යතාවට අනුව විදුලිය වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අප ගත යුතු වෙනවා. සුළං බලාගාර, සෝලා, ජල විදුලි බලාගාර, (රුපියල්වලින්-මෙය බල ශක්තියක්) විදුලිය උත්පාදනය කිරීමට රුපියල් මිලියන 200කට වැඩි ප්‍රමාණයක් යනවා. මෙම වියදම අඩු කර ගැනීමට විකල්ප ක්‍රියාමාර්ගවලට යොමු විය යුතු වෙනවා. මේ අමාරු කම ජනතාවට පෙන්වලා ගේම් ගහනවා.

විදුලි ඒකකයක් ජනනය කිරීම සඳහා පිරිවැය රු: 31.00 – 32.00 වෙනවා. ඩීසල්, නැප්තා සඳහා වැඩි වියදමක් දරන්න සිදු වෙනවා. මේ වියදම් අඩු කර ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ග ගත යුතුයි. එම ක්‍රියාමාර්ග තුළ තමයි අපේ විදුලි බිල අඩු කර ගැනීමට හැකි වෙන්නේ. අද ලෝකය ගල් අඟුරු බලශක්තිය කෙරෙහි යොමු වීමක් වෙන්නේ නැහැ. ඉදිරියේදී මිල අධික වීමට ඉඩකඩ පවතිනවා. අපට තිබෙන වෙනත් අවස්ථා මොනවාද? LNG බලාගාර පිළිබඳව වසර 2010ක පමණ සිට සාකච්ඡා වෙමින් තිබෙනවා. කෙරවලපිටියේ හදන ලද LNG බලාගාරය ඩීසල්වලින් දුවන්නේ. මෙය කන්වර්ට් කළ හැකියි. කෙරවලපිටියේ LNG (මෙගාවොට් 350) අංක 02 බලාගාරයක් ජනවාරියේ වැඩ අවසන් වෙනවා. මෙතෙක් පිරිනොනමන ලද මෙගාවොට් 350ක බලාගාරයක් තිබෙනවා. කැලණි තිස්ස මෙගාවොට් 165ක හා සොජිත් සමාගමෙන් පවරා ගත් 165ක්. සියලුම LNG බලාගාරවල මෙගාවොට් 1500 ක් නිපදවිය හැකියි. මේවා අද ඩීසල්වලින් දුවන්නේ. LNGවලින් විදුලිය නිපදවුවා නම් විදුලි ඒකකයක් රුපියල් 32යි. LNG ගේන්න තිබූ ටෙන්ඩර් එක ආණ්ඩුව අහෝසි කරනවා. ඒ නිසා ඩීසල්වලින් දුවන්න සිදුවී තිබෙනවා. එවිට විදුලි උත්පාදනයේ මිල ඉහළ යනවා. මේවා හිතාමතා ගන්නා ක්‍රියාමාර්ග.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?