Latestදේශීය

ජපන් ආධාර මත නැවත ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීම නිසා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් ඩිජිටල්කරනය කිරීම, මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ 4වන කොටස ආරම්භ කිරීම  සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ජපන් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොතෝ මහතා (Izumi Hiroto) මහතා ඇතුළු දුත පිරිස ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේදී ප්‍රවාහන,  මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව සිදු විය.

මෙයට අමතරව ප්‍රවාහන සේවය ඩිජිටලයිස්කරණය කිරීම හා දුම්රියත් සේවාව වැඩි දියුණු කිරීමට ජපානයේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ණය ප්‍රතිව්‍යුහගතකරනයේ දී ජපානය ලබාදුන් සහය ශ්‍රී ලංකාව කිසි දිනෙක අමතක නොකරන බව සඳහන් කර ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේදී ජපන් රජය දැක්වූ සහයෝගය පිළිබඳව ජපන් රජය වෙත මෙහි දී  අමාත්‍යවරයා ස්තූති කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (H.E. Mizukoshi Hideaki), ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ බැංකුවේ (JBIC) සභාපති මයෙදා තදෂි (Maeda Tadashi), දූත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානී කත්සුකි කොතාරො (Katsuki Kotaro) ඇතුලු දූත පිරිස, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ ,මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් යන මහත්වරු ඇතුළු පිරිසක් එක් විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *