Latestදේශීය

කෝකිලා ඉදිරියේ රනිල් චන්ඩියෙක් වූ වගයි

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග ඇතුළු පොහොට්ටු ප්‍රබලයින් සංවිධානය කළ ප්‍රචාරක රැලියට කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජිතයන් රැසක් සහභාගී වී සිටීමත් සමඟ රනිල් වික්‍රමසිංහ තම චණ්ඩියෙක් ප්‍රදර්ශනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ වාර්තාව මගින් තහවුරු කර තිබේ.

එම වාර්තාවට සිරස්තලය ලෙස යොදා තිබෙන්නේ “රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැහැ“ යනුවෙනි. මෙයට පෙර රනිල් වික්‍රමසිංහ හෙළි කර තිබුණේ පළාත් පාලන මැතිවරණය තහනම් කිරීමට තමන් ක්‍රියා කළ බව ය. ඔහුගේ දේශපාලනයට අනුව එවැනි පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කිරීම් සිදු කරන අතරේ පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉදිරියේ කටමැත දෙඩවීමට ද පටන් ගෙන තිබේ.

සමාජ මාධ්‍යවල ප්‍රතිචාර දැක්වූ ඇතැම් අය සඳහන් කර තිබුණේ කෝකිලා ඉදිරියේ රනිල් චණ්ඩියෙක් වෙලා යනුවෙනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *