Latestදේශීය

හෙද කාර්යමණ්ඩල හිඟවෙයි – මාතලේ මහරෝහල ලෙඩවෙයි

(ඇමි .ඩබ්ලිව් .සෝමරත්න)

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදි කාර්ය මණ්ඩලයේ උග්‍ර හිඟය හේතුවෙන් එහි සේවා රැසක් අඩපණවිමේ අවදානමක් මතුවී වි ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයේ රැස්වීමි ශාලාවේ දී ඊයේ (23) පෙරවරුවේ පැවැත්වුණූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීය.

රෝහලේ හෙද හෙදියන් ගේ හිගය උගුවිම නිසා රෝගින්ට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාදිමට නොහැකි තත්ත්වයක් උදා වි තිබෙනවා. වසර 10කට පෙර මෙම රෝහල මුලික රෝහලක් ලෙස පැවැතුනා. දිස්ත්‍රික්ක රෝහලේ මධ්‍ය ආණ්ඩවට පවරාගත් අනුමත සේවක සංඛාව (කාඩරය) ලැබුණේ නෑ . දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්ව මධ්‍යම ආණ්ඩුවේ රෝහලක් ලෙස පත්ව තිබිම නිසා මෙම ගැටලු නිර්මාණය වි තිබෙනවා. මෙම රෝහලට හෙද කාර්ය මණ්ඩලය 400 පමණ අවශ්‍ය නමුත් දැනට රාජකාරියේ සිටිනුයේ හෙද හෙදියන් 280ක් පමණයි . කනිෂ්ඨ සේවක ප්‍රශ්නද තදින් තිබෙනවා.

මෙම හෙද-හෙදි ප්‍රශ්නය ගැන නිතර කතා කරන සමස්ත ලංකා එක්සත් හෙද සංගමයේ සභාපති රවි කහදමආරචිචි මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කියා සිටියේය.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැනට හෙද කාර්ය මණ්ඩලය හිඟය නිසා රෝහලේ සේවා රැසක් වැසියාමේ අවදානමක් පත්ව තිබෙනවා.

සාත්තු සේවාවේ සේවය නිසි පරිදි ඉටුකිරිමට හෙද හෙදි කාර්ය මණ්ඩලයේ හිගය බෙහෙවින් බලපා තිබෙනවා. මේ නිසා රෝගින්ට නිසි සේවාවක් ලබා දිමට නොහැකි වි තිබෙනවා.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *