Latestදේශීය

මහින්දගෙන් පතෝල පිළිතුරක්

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය දක්වන අපේක්ෂකයා හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක හිතපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගන්නා බවද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පක්ෂය තීරණය කළහොත් උඩින්ම සහාය දෙන බවද හෙතෙම සඳහන් කරයි.

වෙනත් අපේක්ෂකයෙකු පත් කිරීමටද පක්ෂය තීරණය කළොත් ඒ සඳහාද සහය දෙන බවද ඔහු පැවසීය.

පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තම පුද්ගලික මතය මත අපේක්ෂකයන්ට සහාය දීමට තීරණය කර ඇති බවත් එම පිරිසට අවශ්‍ය නිදහස ලබා දුන් පසුව එය ගැටලුවක් නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *