Latestදේශීය

අනුර කොහොමත් දිනනවා – දමිළ බුද්ධිමතුන් කියයි

එළඹෙන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බවත්, ඔහු ජයග්‍රහණය කිරීම තුළ පවතින සමස්ත ශ්‍රී ලාංකික පොදු ආකල්පය පිළිබඳවත් දමිළ සමාජයේ බුද්ධිමතුන් මත පළ කිරීම ආරම්භ කර තිබේ.

මේ අතරින් විශේෂයෙන් කැපී පෙනෙන්නේ “අනුර ජයග්‍රහණය සහ දමිළ ජනතාවගේ දායකත්වය“ යන සිරස්තලයේ ඊයේ (02) වීරකේසරී පුවත්පතේ පළ කර තිබූ විශේෂ ලිපියකින්ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කන්නමුත්තු සිදම්බරනාදන් එම ලියා පළ කර තිබිණි.

එමගින් මහාචාර්යවරයා අවධාරණය කර තිබුණේ ගෝටාබය රාජපක්ෂ ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේ දී ඔහු ජයග්‍රහණය කරන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ස්වාධීන ආයතන සිදු කළ සමීක්ෂණවලදී තහවුරු වී තිබූ සේම අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ද මේ වනවිට තහවුරු වී ඇති බවයි. මෙම ජයග්‍රහණය සිංහල ජනතාවගේ ජයග්‍රහණයක් නොව දෙමළ ජනතාවගේ දායකත්වයෙන් ද සම්පූර්ණ කර ගත යුතු ඓතිහාසික අවස්ථාවක් බව මහාචාර්යවරයා පෙන්වා දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *