Latestදේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කවුද? මැ.කො. නීතිපතිගෙන් අසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට පාර්ශව කිහිපයකට බෙදීයාම හෙතුවෙන් තමන් කටයුතු කලයුත්තේ කුමන පාර්ශවයක් සමඟ දැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව කරුණු විමසූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහිදී ලැබෙන තීරණය සමග ඊට අදාළ පාර්ශවය සමඟ ඉදිරියේදි කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය ලෙස කොටස් තුනකට බෙදී පවතියි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දෙන බව පැවසීය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *