Latestදේශීය

Visit Kandy වෙළෙඳ ප්‍රදර්ශනය

මධ්‍යම පළාත් වෙළෙඳ වානිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව සංවිධානය කරනු ලබන Visit Kandy වෙළෙඳ ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ එම්. යූ. නිශාන්ත මහතා පවසයි. 

මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය ඇති කිරීම සහ මානව හා භෞතික සම්පත් විැඩි දියුණු කිරීමත් පෙරදැරි කරගෙන ඇසළ පෙරහැරට සමගාමීව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වයි.

ඒ අනුව අගොස්තු 18 පෙ.ව. 9.00 ට මහනුවර K.C.C ආයතනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර, 19 වැනි දිනයේදීද ප්‍රදර්ශනය මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත. 

වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව අගොස්තු 19 වැනි දින දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුනේ ඉදිරිපත් කරනු ලබන විශේෂ සංස්කෘතක සංදර්ශනයක් පැවැත්වෙන අතර, එහිදී කලාතුරකින් දැකගත හැකි උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් සාම්ප්‍රදායික නරතනාංග රැසක් ද රග දැක්වෙනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *