Latestදේශීය

පෙට්‍රල් රුපියල් 200කින්, මත්පැන් 25%කින් අඩු කරනවා – ජනක රත්නායක

තමන් ජනතාධිපති වූ පසු සෑම භාණ්ඩයක්ම අඩු මිලට ජනතාවට ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන බවත් ඒ යටතේ මත්පැන් මිල සියයට විසිපහකින් අඩු කරන බවත් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කළේය.

මත්පැන් මිල ඉහළ දැමීම නිසා නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් තිබෙන බවත් එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවද පැවසීය.

හෝමාගම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී මේ බව සඳහන් කළ ජනක රත්නායක මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“මම තමයි මහජනතාවට ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි සැලසුම් ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේ අනුව මම කිව්වා භාණ්ඩ විස්සක මිල ස්ථායිකරණය කරලා මහජනතාව සහන ලබා දෙනවා කියලා.

විශේෂයෙන් කරවල මිල ගත්තම එක් කරවල කිලෝවකින්රුපියල් අටසියයක පමණ ලාභයක් ව්‍යාපාරිකයන් ලබනවා. එළවළු මිල වැඩි වීමට බලපාලා තියෙන්නේ ඉන්ධන මිල ඉහළ යාමයි.

මීට වසර දෙකකට පෙර මම කෝප් එකේදී කිව්වා ඉන්ධන ලීටරයක මිල රුපියල් දෙසියයකින් අඩු කරන්න පුළුවන් කියලා. හැබැයි පසුගිය මාස හය හත ඇතුළත සිදු වුණේ රුපියල්දහයකින් පහළවකින් ඉන්ධන මිල අඩු කරන එක. ඒක නිසා වළවළු මිල වැඩි වෙනවා.

මගේ රජයක් යටතේ දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කරනවා. මත්පැන්වලින් ලැබෙන ආදායම සියට හතළිහකින් අඩු වෙලා තියෙනවා. එය සම්පූර්ණ ආදායමෙන් රුපියල් බිලියන හැත්තෑවක්.

හැම භාණ්ඩයක්ම හා සේවාවක්ම ජනතාවට අඩු මිලට ලබා දෙන්න ඕනා. මත්පැන් මිල වැඩි කළා කියලා මත්පැන් බොන එක අඩු වෙන්නේ නෑ. එකෙන් වෙන්නේ නිතිවිරෝධී මත්පැන් භාවිතය වැඩි වීම.

මගේ රජයක් යටතේ මත්පැන් මිල අඩු කරනවා හැබැයි ඒකෙන් කියන්නේ මත්පැන් බොන්න ඕන කියන එක නොවෙයි. මම කරන්නේ මත්පැන් බොන අයට සාධාරණ මිලකට මත්පැන් ලබා දීමයි’

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *