Latestදේශීය

පළමු කසල තොගය අරුවක්කාඩු කසල අංගනයට දුම්රියෙන් ගෙනයයි

කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසළ අංගණය වෙත දුම්රියෙන් රැගෙන යාම ඊයේ (25) දහවල් සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේ සිට 756 දරන දුම්රිය එන්ජිමෙන් සම්පූර්ණයෙන් ආවරණය කරන ලද මෙම දැවැන්ත කන්ටේනර් වැගන් 20 කින් පළමු කසළ තොගය මෙලෙස රැගෙන ඒම සිදු විණි.

මෙසේ රැගෙන ආ පළමු කසළ තොගය වනවාසලින් ඊයේ උදෑසන 5.30ට පමණ ගමන් අරඹා තිබූ අතර එය පුත්තලම දුම්රිය ස්ථානයට පැමිණෙන විට දහවල් 11.30ට ආසන්නව තිබුණි.

එතැන් සිට නැවත අරුවක්කාඩු කසළ අංගණය වෙත මෙම කසළ තොගය දහවල් 1.30 පමණ විට ළඟා වී තිබූ අතර එසේ දුම්රියෙන් රැගෙන ආ කසළ තොගය අරුවක්කාඩු කසළ අංගණයේ ඇති තරාදිවලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාළ කසළ පුරවා තිබූ කන්ටේනර් වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසළ අංගණය වෙත රැගෙන යාම සිදු වූ බව කියයි. දුම්රියෙන් රැගෙන ආ මෙම පළමු කසළ තොගය කසළ අංගණයේ ගොඩබෑම සඳහා පැය හතරකට ආසන්න කාලයක් ගතව තිබුණි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *