Latestදේශීය

ආනයනික පළමු බිත්තර තොගය දිවයනට

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට නියමිත පළමු බිත්තර තොගය රැගත් නෞකාව ලබන සඳුදා දිවයිනට ගෙන පැමිණීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

බිත්තර මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම බිත්තර තොගය ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කර තිබෙනවා.

මෙලෙස ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර ඇත.

රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින්  ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ පිළිඹඳව  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව , බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම, කිසිසේත්ම ඉතිරි බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොහැරීම යන කරුණු මෙම උපදෙස් මාලාවට ඇතුළත් කර ඇත.

මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනද සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර ඇත.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?