Latestදේශීය

තාත්තා හොදටම කලා, බාප්පා වරද්දගත්තා – නාමල් රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටි අවධියේදී වී අලෙවි මණඩලය ශක්තිමත් කර සහතික මිලකට වී මිලදී ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවියන් පිරිසක් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සදහන් කර සිටියා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ශ මන්ත්‍රිවරයා පවසා සිටියේ කෙටි කාලයකදී ආරම්භ කළ කාබනික පොහොර සංකල්පය අසාර්ථක ව්‍යාපෘතියක් බවයි. ව්‍යාපෘතියේ යම් තැනක වැරද්දක් සිදුවුණු බවත් දිගින් දිගටම එම වැරද්ද පිලිබදව කතා කිරීමෙන් ඵලක් නැති බවත් මන්ත්‍රීවරයා ගොවියන් හමුවේ තව දුරත් කියා සිටියා.

රටේ සමහර නායකයින් ගොවිජනතාවට පොහොර සහනාධාරය ලබානොදීමට කටයුතු කරද්දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එතුමාගේ කාලයේදී රුපියල් 350කට අඛණ්ඩව පොහොර සහනාධාරය ලබාදුන් බව සිහිපත් කල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරියේදී වී සදහා සාධාරණ සහතික මිලක් ලබාදෙන ලෙසටත් ගොවි ජනතාවගෙන් මිලදී ගැනීම සදහා අවශ්‍ය මුදල් වහාම නිදහස් කර වී මිලදී ගැනීම් සිදුකරන ලෙසටත්  රජයට දැනුම් දෙන බව  සදහන් කර සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?