Latestදේශීය

හිරුණිකා

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී කාන්තාවන් හට එල්ල වී තිබෙන අභ්‍යන්තර ප්‍රහාරයන් තව දුරටත් දරුණු වී ඇති අතර හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නව වටයකින් කැපිල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ.

මේ බව හෙළිවන්නේ පසුගිය ආසන්න සති දෙක තුළ විවිධ රූපවාහිනී දේශපාලන සංවාද සඳහා ලැබී තිබුණු ආරාධනය ඉහළම තැනකින් කපා හැරීමෙන් ය. මේ වනවිට හෙළි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කවිරත්ත සහ තලතා අතුකෝරාලට පවතින කැපිල්ලට වඩා දරුණු තත්වයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කෙරෙහි පවතින බව ය.

රූපවාහිනී නාළිකාවල තෝරා ගැනීම් අනුව සමගි ජන බලවේගයේ නියෝජිතවරියක් ලෙස හිරුනිකා ප්‍රේමචන්ද්‍රට දිගින් දිගටම රූපවාහිනී සංවාද සඳහා අවස්ථාව ලබාදී තිබිණි. නමුත් අවසන් මොහොතේ එවැනි අවස්ථා කිහිපයක් ම කපා දාමා ඇති අතර එයට විකල්පයක් ලෙස එම පක්ෂයේ නිල මාධ්‍ය හමුවලට පරිබාහිරව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් සිටින බව ද වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?